අර්චුනාගේ කටට පාර්ලිමේන්තුවෙන් වාරණයක් – මින් ඉදිරියට සජීවීව විකාශය කරන්නේ නෑ

ඉදිරි දින 08ක කාලයක් තුළ පාර්ලිමේන්තුවේ දී රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා විසින් සිදු කරන ප්‍රකාශ කිසිවක් සජීවී ව මාධ්‍ය වෙත මුදා නො හරින බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.

අද (19) වෙළෙඳ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය අරඹමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව හෙට (20) සිට දින 08ක කාලයක් රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදු කරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල විකාශ කිරීම අත්හිටුවා තිබෙනවා.

මෙම මන්ත්‍රීවරයා විසින් සිදු කරනු ලබන ඇතැම් ප්‍රකාශ ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන්සහගත ප්‍රකාශ ලෙසටයි තීරණය කර ඇත්තේ.

ඊට අමතරව, අර්චුනා මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල ලෙස අවමන්සහගත ප්‍රකාශ, අසෝබන හා පහත් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවලින් ද ඉවත් කරන බව කතානායකවරයා ප්‍රකාශ කළා.

මෙම කාලය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුව මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සිදු කරනවා ද නැද්ද යන්න සලකා බලන බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?