අයිස් මත්ද්රව්යවලට ඇබ්බැහි වී ඇතැයි කියමින් අධිකරණයට ඉදිරිපත් කළ බාලවයස්කාර අයියා-නගෝ භාරදිය හැකි ඥාතීන් කවුරුන් ද යන්න සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කිරීමට මාලිගාකන්ද මහේස්ත්රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය කොළඹ පරිවාස නිලධාරිනියට ඊයේ (29) නියම කළා.
අයිස් මත්ද්රව්ය ලඟ තබාගත් බව පවසමින් පරිවාස භාරයට පත් කර සිටි වයස අවුරුදු 14 සහ 12 වැනි වියේ පසුවූ බාලවයස්කාර අයියා-නගෝ දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඉදිරිපත් වු කරුණූ සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්රාත්වරිය එලෙස නියම කළා.
නඩුව කැඳ වූ අවස්ථාවේ දී අයිස් මත්ද්රව්යවලට ඇබ්බැහි වී ඇතැයි කියමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත් කර සිටි වයස අවුරුදු 14 සහ 12 වැනි වියේ පසුවූ බාලවයස්කාර අයියා-නගෝ දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ළමුන් දෙදෙනා පාසැල් නොයන බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මාදම්පිටිය පොලිසියේ නිලධාරීන් විසින් කරන ලද විමර්ශනයක් අතරතුර වයස අවුරුදු 14 සහ 12 වැනි වියේ පසුවූ බාලවයස්කාර අයියා-නගෝ දෙදෙනා පරීක්ෂා කිරීමකදී ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 220ක් සොයා ගැනීමත් සමඟ මෙම බාලවයස්තාර ළමුන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබුණා.
ඉන් අනතුරුව ළමුන් දෙදෙනා අධිකරණ වෛද්ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අයියා-නගෝ දෙදෙනාම අයිස් මත්ද්රව්ය වලට ඇබ්බැහි වී ඇති බවට වාර්තා කර තිබුණා.
ඒ, බව අධිකරණයට වාර්තා කරමින් ළමුන් දෙදෙනා පරිවාස භාරයට පත් කිරීමටයි කටයුතු කර තිබුණේ.
නඩුව කැඳ වූ අවස්ථාවේ දී දරුවන්ගේ මව සහ ළඟම ඥාතීන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා.
