අයවැයෙන් යෝජනා වූ අමාත්‍යාංශ මට්ටමේ ව්‍යාපෘති ගැන සමාලෝචනයක්

2026 අයවැය යෝජනා අනුව අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක ව්‍යාපෘතින් සහ විශේෂ ප්‍රතිපත්තිමය අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාලෝචන රැස්වීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සහ එම ගැටලු විසදා ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

ආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන, වරාය සහ සිවිල් ගුවන් සේවා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා, කාන්තා සහ ළමා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන යන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු මෙහිදී වෙන් වෙන්ව සාකච්ඡා වී තිබෙනවා.

අදාළ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කරමින් මතුව ඇති ගැටලු කඩිනමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපති ලේකම්වරයා අදාළ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබා දීම සියලු දෙනාගේ වගකීම බවද පෙන්වා දුන්නා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපොන්සු, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් එම්.ඒ.එල්.එස්.එන්.කේ මන්ත්‍රීනායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ටී.ඩී. පතිරණගේ, මුදල් කොමිෂන් සභාවේ සභාපති සුමිත් අබේසිංහ, මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් සහ අදාළ අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59