අතිරේක තීරු බදු සම්බන්ධයෙන් චීනයෙන් අමෙරිකාවට දැඩි විරෝධය

චීනයෙන් ආනයනය කෙරෙන ටංග්ස්ටන් නිෂ්පාදිත, Polysilicon ඇතුළු නිෂ්පාදිත කෙරෙහි ‘301 තීරු බදු’ අතිරේකව පනවන බව අමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය පසුගියදා 11 වැනිදා ප්‍රකාශ කළා.

එලෙස අමෙරිකාවේ අංක 301 දරන තීරු බදු වගන්තියට අනුව ක්‍රියාත්මක බදු අනුපාතය, චීනයේ ඇතැම් නිෂ්පාදිත සඳහා තවදුරටත් ඉහළ නැංවීමට අමෙරිකාව ගෙන ඇති තීරණයට චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, අනුව චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා මෙ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිළි කරමින් අවධාරණය කර ඇත්තේ, අමෙරිකාව, චීන නිෂ්පාදිත කෙරෙහි ‘301 තීරු බදු’ පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ උපමාන උල්ලංඝනය කර ඇති බව එම සංවිධානය කලකට පෙරම තීන්දු කර ඇති බවයි.

අමෙරිකාව මෙවන් විධිවිධාන එරට වෙළඳ හිඟය හා කර්මාන්ත තරගකාරීත්වය මුහුණ පා ඇති ප්‍රශ්නවලට කිසිදු අයුරකින් විසඳුම් ක්‍රියාමාර්ගයක් නොවනු ඇති බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

මින් සිදු වනුයේ, අමෙරිකාවේ උද්ධමනය ඉහළ යාම හා ඇමරිකානු පාරිභෝගිකයින්ගේ ප්‍රතිලාභවලට හානි සිදුවීම පමණක් බවත්, ඉන් ජාත්‍යන්තර ආර්ථික වෙළඳ පටිපාටිය හා ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයන්හි සුරක්ෂිතතාවය හා ස්ථාවරත්වය ද බරපතල ලෙස විනාශ කෙරෙනු ඇති බවත් චීනයේ අදහසයි.

එබැවින් අමෙරිකාව කඩිනමින් සිය වරද නිවැරදි කර චීන නිෂ්පාදිත කෙරෙහි පැනවූ අතිරේක තීරු බදු අහෝසි කළ යුතු බවයි චීන බලධාරීන් පවසන්නේ.

එමෙන්ම සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය අනිවාර්ය පියවර ගැනීමට දැඩිව සූදානම් බව ද චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා අවධාරණය කර ඇති බව චීන මාධ්‍ය වාර්තාවල සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21