අඩු පීඩන කලාපය අද ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18කට බලපෑම්

පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 18ක අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 127කට
බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 7,395කට අයත් පුද්ගලයින් 29,414 දෙනෙකු පීඩාවට පත්ව පුද්ගල මරණ හතරක් ද වාර්තාවන බවයි.

අනුරාධපුර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනෙන් මෙම මරණ වාර්තාවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

එමෙන්ම පැවති අයහපත් කාලගුණයෙන් නිවස දෙකකට පූර්ණ හානි සිදුව ඇති අතර, නිවස 753කට අර්ධ හානි සිදුව තිබෙනවා.

මේ අතර දිස්ත්‍රික්ක 11කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය ද තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව, අධික වර්ෂාපතනය හේතුවෙන් කළු සහ ගිං ගංගා තවමත් ගංවතුර අවදානම් මට්ටමක පවතින අතර, කළු ගඟ මිල්ලකන්ද සහ මගුර ප්‍රදේශවල ගංවතුර අවදානම් මට්ටමට පැමිණ තිබෙනවා.

ගිං ගඟ ද බද්දේගම ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමට පැමිණ ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ගංඟා අවට පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට විමසිල්ලෙන් සිටින ලෙසයි උපදෙස් දී ඇත්තේ.

මේ අතර දිවයිනේ ජලාශ 19ක වාන් දොරටු දැනට විවෘතව පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ.

ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද (26) දිනයේ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා.

මේ මස 28 වන දිනෙන් පසු වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12
Video thumbnail
"කෙළින් හිටගන්නවත් බැරි තරම් බීපු පොලිස් පරීක්ෂවරයා, තරුණියන් දෙදෙනෙක් අනතුරට ලක්කර පැනලා ගිහින්"
00:55
Video thumbnail
නානා මේ... අරක මේක මට කියන්න එන්න එපා හරිද..? සඳුදා උසාවි යන්න බලාගෙන ඉන්න..
01:38
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව "හිනාවෙලා අපේ හිනාවත් අරගෙන එයා ගියා"
03:54
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51