AFC Banner
AFC Banner
Empty Ad

දං ගසකින් ඇද වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

කඩවත – රම්මුතුගල ප්‍රදේශයේ පිහිටා ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථනයක රඳවා සිටි 13 හැවිරිදි පිරිමි දරුවෙක් අඩි 20ක පමණ උස දං ගසකින් ඇද වැටී මියගොස් ඇති බව වාර්තා වනවා.

දිවුලපිටිය, බලගල්ලේ ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසියට සඳහන් කළේ.

මෙම දරුවා සෙල්ලම්කරමින් සිටින අතර තුර ගසට නැඟ ඇති අවස්ථාවේ ඔහු ගසින් ඇද වැටී ඇති බවයි පොලිසිය වැඩිදුරටත්
පැවසුවේ.

ගසෙන් ඇද වැටීමෙන් පසු බරපතළ තුවාල ලබා ඇති දරුවා රාගම රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේ ආදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?