XIV වන ලියෝ පාප් වහන්සේගේ ජීවිත කතාවෙන් බිඳක් – ලොවම නව පාප් වහන්සේගෙන් අයදින ඉල්ලීම මෙන්න

ලොව 267 වැනි පාප් වහන්සේ ලෙස කතෝලික ඉතිහාසයේ පළමු වතාවට අමෙරිකානු සම්භවයක් සහිත රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ තේරී පත් වුණා.

ඊයේ (08) රාත්‍රී 10.30ට පැවති සිව්වැනි පාප් වහන්සේ තේරීමේ නිලවරණයේ දී වතිකානයේ පිහිටි සිස්ටයින් දෙව් මැඳුරේ චිමිනියෙන් සුදු පැහැති දුමාරයක් නිකුත් කරමින් ජනතාවට දැනුම්දුන්නේ; ” නව පාප් වහන්සේ කෙනෙක් තෝරාගත් බවයි”.

නව පාප්වරයෙකු තේරී පත් වූ පසු බොහෝ විට නව නාමයක් තෝරා ගන්නා අතර, ඔහුගේ පැරණි නාමය වන රොබට් ප්‍රෙවොස්ට් යන්න ඉවත් වනු ඇති.

සාමාන්‍යයෙන් දෙවියන් වහන්සේගේ ගෝලයින් 12 දෙනා අතරින් එක් අයෙකුගේ නමක් මෙලෙස පත්වන පාප් වහන්සේලා විසින් තෝරාගනු ලැබ තිබෙනවා.

ඒ අනුව 267 වැනි පාප් වහන්සේ ලෙස පත් වූ රොබට් ප්‍රෙවොස්ට් විසින් පාප් ධුරයේ කටයුතු කරලීමට තෝරාගෙන ඇත්තේ ලියෝ නමැති නාමයයි.

ඒ අනුව මෙතැනි සිට ලොව බිහි වූ 267 වැනි පාප් වහන්සේ වන්නේ 14 වැනි ලියෝ පාප් වහන්සේ යි.

ලියෝ නමැති නාමය වසර 100කට පසු කතෝලික සභාවේ පාප්වරයෙකු ලෙස කරළියට පැමිණීම ද මේ අතර විශේෂීකොට සැලකිය හැකි වනවා.

ලියෝ යන නාමය පළමුවෙන් ම දැරූ පාප් වහන්සේ වන්නේ මහා ලියෝ පාප් වහන්සේ යි.

ඔහු හූන් ආටිලා නමැති කණ්ඩායම රෝමයට පහරදීම වැළැක්වීමට ප්‍රසිද්ධියක් ඉසිලූ අතර දේව ධර්මාචාර්යවරයෙකු සහ ක්‍රිස්තියානි ධර්මය හැඩගැස්වීමට උදව් කළ විශිෂ්ටයෙකු ලෙස ප්‍රසිද්ධියක් දැරුවා.

1878 සිට 1903 දක්වා කාලය තුළ කතෝලික පල්ලියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මෑත කාලීන පාප් වහන්සේ වන XIII ලියෝ පාප් වහන්සේ ය.

කම්කරු හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ගැටළු ස්පර්ශ කරමින් නූතන කතෝලික සමාජ ඉගැන්වීම්වල මූලික ලේඛනය ලෙස සැලකෙන රෙරම් නොවාරම් ලිවීම සඳහා ඔහු ප්‍රසිද්ධ ය.

මෙම ඉතිහාසය නිසා, මෑන්හැටන් විශ්වවිද්‍යාලයේ ආගමික අධ්‍යයන අංශයේ සභාපති නටාලියා ඉම්පෙරටෝරි-ලී ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසුවේ ලියෝ යන නම නව පාප් වහන්සේ සඳහා “සමාජ ගැටලු සඳහා කැපවීමේ ගැඹුරු ලකුණක්” බවයි.

එම ඉතිහාසයත් සමග කතෝලික පල්ලියේ වත්මන් ප්‍රධානියා සහ වතිකානු නගර රාජ්‍යයේ ස්වෛරීවරයා වන්නේ XIV වන ලියෝ පාප් වහන්සේ ය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු 2025 මැයි 8 වන දින පැවති පාප් සම්මේලනයේ දී තේරී පත් වූ ඔහු XIV ලියෝ යන පාප්තුමාගේ නාමය තෝරා ගැනීමේ ඉතිහාසය මෙය වනු ඇති.

XIV ලියෝ පාප් වහන්සේගේ ජන්මය සිදු ව ඇත්තේ වර්ෂ 1955 සැප්තැම්බර් මස 14 වැනි දිනය.

ඒ අමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් හි චිකාගෝ දේශයේයි.

මේ වනවිට 69 හැවිරිදි ලියෝ පාප් වහන්සේ අමෙරිකානු සම්භවයක් සහිත පේරු වාසියෙක්.

ශාන්ත තෝමස් ඇක්වයිනාස්ගේ පොන්ටිෆිකල් විශ්වවිද්‍යාලය, ඇන්ජලිකම්, කතෝලික දේවධර්ම සංගමය, විලානෝවා විශ්වවිද්‍යාලය තුළින් උසස් අධ්‍යාපනය මෙන් ම ආගමික අධ්‍යාපනය ද සම්පූර්ණ කළ විශිෂ්ටයෙකු ලෙසයි 14 වැනි ලියෝ පාප් වහන්සේ සැලකෙන්නේ.

මේ අතර බීබීසී මාධ්‍ය වාර්තා කරන්නේ ශාන්ත බැසිලිකාවට රැස් ව සිටි බොහෝ දෙනෙක් නව පාප් වහන්සේගෙන් කතෝලික පල්ලියේ දී ලිංගික හිංසනයන්ට ලක් ව දිවි ගලවාගත්තවුන් වෙනුවෙන් මෙන් ම දරුවන් ව ලිංගිකව සූරාකෑමේ කතෝලික පල්ලියට නූතනයේ ඇති විශාලතම අභියෝගයට විසඳුම් ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවයි.

කතෝලික පල්ලියේ පූජකවරුන් විසින් අපයෝජනයට ලක් වූවන් සඳහා නව පාප් වහන්සේ තම පාප් පදවියේ මුල් අවධියේ දී මෙම ගැටලුව විසඳනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවට විශ්වාස කරන වග ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෑත දශක කිහිපය තුළ නගරයේ කතෝලික පූජකවරුන්ට අපයෝජන චෝදනා කළ දැවැන්ත ජනතාව වෙනුවෙන් පෙනී සිටි බොස්ටන් නීතිඥ මිචෙල් ගරාබෙඩියන් පවසන්නේ නව පාප් වහන්සේ වින්දිතයින් ආරක්ෂා කරන ප්‍රතිසංස්කරණ සිදු කරනු දැකීමට තමා කැමති බවයි.

XIV වන ලියෝ පාප් වහන්සේ ලිංගික අපයෝජන වින්දිතයින්ට පූජකවරුන් සුව කිරීමට, පරීක්ෂා කිරීමට සහ අධීක්ෂණය කිරීමට සහ පූජකවරුන්ගේ ලිංගික අපයෝජන වැළැක්වීමට උපකාර කිරීම සඳහා ඵලදායී වැඩසටහන් නිර්මාණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” ඔහු බීබීසී වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25