ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා 20-20 පලමු තරගයේ ජය පරාජය විසදුණේ මෙහෙමයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පලමු පන්දුවාර 20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස තුළ කඩුලු 5ක් දැවී ලකුණු 163 ක් රැස් කර ගත්තා.

තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක කේශව් මහාරාජ් ආර් ප්‍රේමදාස පිටියේ පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කළා.

ඔහුගේ එම තීරණයට අගනා ප්‍රතිචාරයක් දැක්වූ ක්වින්ටන් ඩි කොක් සහ රීසා හෙන්රික්ස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු හැත්තෑ තුනක් රැසි කලේ පන්දු වාර 9.5ක් තුළදීයි.

එම සම්බන්ඳතාව ලකුණු 36ක් ලබා සිටි ක්වින්ටන් ඩි කොක් වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමග බිඳ වැටුනා.

මුළු ලකුනු සංඛ්‍යාව 79ක් වන විට ලකුණු 38ක් ලබා සිටි රීසා හෙන්රික්ස් වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ මහීෂ් තීක්ෂණ රැකගත් උඩ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඉන් අනතුරුව පිටියේ සිටි  සමග එක්වූ ඩේවිඩ් මිලර් දෙදෙනා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

මේ දෙදෙනා තරගයේ දොළොස් වැනි පන්දුවාරයේ සිට දාහත් වැනි පන්දුවාරය දක්වා පන්දුවාර පහ තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 60 ක් උදුරා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් තර්ජනයක් වූ එම සම්බන්ධතාව බිඳ වැටුනේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ක්‍රියාත්මක කළ 18 වැනි ඕවරයේදීයි.

ඔහුගේ පන්දුවක් හමුවේ ලකුණු 48ක් ලබා සිටී එයිඩන් මාක්‍රම් දුෂ්මන්ත චමීර ට ලබා දුන් උඩ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඉන් අනතුරුව දහනව වැනි පන්දු වාරයේ තුන්වෙනි පන්දුවේදී ලකුනු 26ක් ලබා සිටි ඩේවිඩ් මිලර් දැවී ගියේ දුෂ්මන්ත චමීර පන්දු හමුවේයි.

කෙසේ වෙතත් නියමිත පන්දු වාර විස්ස සම්පූර්ණ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5ක් බිඳ වැටී ලකුණු 163ක් රැස්කරගෙන තිබුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 164 ක ඉලක්කයක් ඉතිරි කරමින්පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 23කට කඩුලු දෙකක් දවා ගත් අතර දුෂ්මන්ත චමීර මහීෂ් තීක්ෂණ සහ දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව 164ක ඉලක්කයක් හබාගිය ශ්‍රි ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේදි ලබාගැනිමට හැකි වුයේ 135ක් පමණයි.තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ පලමු තරගයේ ජය ද.අප්‍රිකාවට හිමිවුයේ ලකුණු 28කන්

image 7
image 8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48