QR ක්‍රමයට ලියාපදිංචි වූ වාහන ලක්ෂ 14 ක් තෙල් අරන් නෑ

ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය හෙවත් QR ක්‍රමවේදය මගින් ඉන්ධන මිලදී ගැනීමට ලියාපදිංචි වන වාහන ප්‍රමාණය ඉහළ ගොස් තිබුණත් ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් ඇතැයි (23 දා) QR ප්‍රගති සමාලෝචනයේදී හෙළි වී තිබේ. QR ක්‍රමවේදය යටතේ රථ වාහන ලක්ෂ හැටකට වඩා ලියාපදිංචි වී ඇති අතර ඉන් වාහන ලක්ෂ 46 ක් මෙම ක්‍රමවේදය යටතේ ඉන්ධන මිලදී ගෙන ඇත.

නමුත් QR ක්‍රමයට ඉන්ධන මිලදී ගැනීමට ලියාපදිංචිය ලැබූ වාහන ලක්ෂ හැටෙන් ලක්ෂ දාහතරක්ම ඉන්ධන ලබාගෙන නැත. ඊට හේතුව සිතාගත නොහැකි බව මේ පිළිබඳ තෙල් සංස්ථාවෙන් කළ විමසීමකදී පැවසීය.

මේ අතර රථ වාහන නොවන අවශ්‍යතා වන කර්මාන්ත, ආයතන සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් වහා සැකසීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා තීරණය කර ඇත.

මේ වනවිට රථ වාහන නොවන අංශ සඳහා ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයේ අඩුපාඩු මත මෙම පියවර ගැනීමට නියමිතය.

  1. උන්ට හිතාගන්න බෑ ලු , අපිනම් දන්නව ඉන්දන මිල 4 ගුණයකින් වැඩි වෙලා , අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලත් එහෙමයි ඉතිං මිනිස්සුන්ට එදා වේලවත් හරියට කන්න නැතිව තෙල් ගහන්නෙ කොහොමද? තේල් ගහන එක විතරක් නෙමෙයි මිනිස්සු කන වේල් ගනනත් අඩු කරල තියෙන්නෙ මේක තේරෙන්නෙ නැති හරක් තමයි ඉන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06