spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

OIC ලෙස රඟපාමින් කප්පම් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා තමන් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා බව පවසා මෙලෙස කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කර තිබේ.

අදාළ පුද්ගලයා පාදුක්ක ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගැනීමට යෑමේ දී එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා හිටපු නාවික හමුදා සෙබළක් වන අතර ඔහු සන්තකේ තිබී හොරොයින්  මත්කුඩු ග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.විවිධ ප්‍රදේශවල සිටින ජාවාරම්කරුවන්ගෙන් ලක්ෂ 15කට අධික කප්පම් මුදලක් වරින් වර ලබාගෙන ඇති බවට මීට මාසයකට පමණ ඉහත දී තොරතුරු ලැබී තිබුණි.ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?