වලවේ ගඟේ සැඟව ගිය නිරෝෂිකා

කල්තොට දියේ ගිලී සිසුවියක් මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ගුරුවරිය අත්අඩංගුවට

බලංගොඩ, කල්තොට බටකොළ ප්‍රදේශයේදී වලවේ ගඟේ දිය නාමින් සිටි සිසු සිසුවියන් පිරිසක් අතුරින් එක් සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලංගොඩ, තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි නිරෝෂිකා කුමාරි නැමති 16 හැවිරිදි පාසල් සිසුවියකි.

ඊයේ (30) පස්වරුවේ එම පිරිස දිය නාමින් සිටින ආකාරය ජංගම දුරකථනයක පටිගත වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කල්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්