Mrs. Sri Lanka කිරුළ නිසා හිටපු ඇමතිවරයෙකුගේ බිරිදක් අමාරුවේ

දැඩි ආන්දෝලනාත්මකව අවසන් වූ Mrs. Sri Lanka තරඟාවලිය හේතුවෙන් මේ වන විට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ බිරිදක් දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා.

ඒ පසුගිය රජයේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි තාරානාත් බස්නායක මහතාගේ බිරිද වන ආශ්‍යා බස්නායක මහත්මියයි.

පැවති Mrs. Sri Lanka තරඟාවලියේ අවසන් තරඟයේදී ජයග්‍රාහිකාව ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් කැරොලයින් ජූරි විසින් කිරුළ ගලවා ගෙන යළි පැලැන්දූවේ ආශ්‍යා බස්නායක මහත්මිය හටයි.

පසුව කැරොලයින් ජූරි විසින් ඇය ජයග්‍රාහිකාව ලෙස නම් කරනු ලැබූවා.

කෙසේ වෙතත් මේ වන විට නැවත වරක් පුෂ්පිකාද සිල්වා මහත්මිය පැවති Mrs. Sri Lanka තරඟාවලියේ ජයග්‍රාහිකාව ලෙස නම් කර නැවත වරක් කිරුළු පළදවා ඇති පසුබිමක් තුළ ආශ්‍යා බස්නායක මහත්මිය හටද දැඩි අපහාසයක් සිදුව තිබෙනවා.

යම් යම් පාර්ශවයන්ගේ පෞද්ගලික කාරණා මත එහාට මෙහාට දෝලනය වූ කිරුළක් නිසාවෙන් අවසානයේ වේදිකාවක් මත අපහසුතාවයට ලක්වන්නට ආශ්‍යා මහත්මියටද සිදුව තිබෙනවා.

ඇයගේ සැමියා වන තාරානාත් බස්නායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුව සිට නියෝජ්‍ය අමාත්‍ය ධූරද දරා තිබූ අතර පැවති මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා.

කෙසේ වෙතත් පැවති මහ මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වුණා.

ඇගේ සුන්දර ජායාරූප පෙල මෙතනින් බලන්න

විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශ්‍යාගේ සුන්දර ජායාරූප පෙළක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56