LPL පිටියේ වත්මන් ශූරයින් ජයග්‍රහණයකින් 2023 LPL ගමන අරඹයි

2023 එල් .පී.එල්. තරගාවලියේ පළමු තරගයෙන් සුපිරි ජයක් ලබන්නට පසුගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට අද රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයෙක් කලම්බෝ ස්ට්‍රයික්ස් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ කලම්බෝ පිළේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 173 රැස් කළා.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් කලම්බෝ පිළට ලකුණු 174ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය කලම්බෝ කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.

කලම්බෝ ස්ට්‍රයිකස් නායක නිරෝශන් දික්වැල්ල ලකුණු 58ක් සහ චාමික කරුණාරත්න ලකුණු 23ක් රැස් කළා.

වැඩි දෙනෙක් බලාපොරොත්තු තබාගෙන සිටි බාබර් අසාම්ට මෙම තරගයේදී රැස්කරගත හැකිවූයේ ලකුණු 07ක් පමණයි.

අනෙක් පිතිකරුවන්ට ද එතරම් ලකුණු අතරට පැමිණීමට ජැෆ්නා පන්දු ‍යවන්නන් ඉඩ ලබාදුන්නේ නෑ.

පන්දු ‍යැවීමේදී Hardus Viljoen කඩුලු 03ක් සහ විජේකාන්ත් වියස්කාන්ත් කඩුලු 02 බැගින් බිද දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
1
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:00
Video thumbnail
චරිත් අබේසිංහ, විජයදාසගේ පුත් අධිකරණය වෙත රැගෙන ගිය හැටි - ගැම්මට ඇවිත් ජිප් එකට නගින්නේ
01:40
Video thumbnail
මේ ආණ්ඩුව අපිව හතුරෙක් විදිහට දකින්නේ - නාමල් කියයි
09:57
Video thumbnail
"මට තේරෙන්නේ නෑ මේක - සිල්ලර කතා" ඇඟිල්ල පාට කිරීම ගැන දිලිත් හිනාවෙවී දුන්න සැර උත්තරය
03:09
Video thumbnail
චරිත් අබේසිංහගේ සිද්ධියට ප්‍රසාද් සිරිවර්ධනත් සම්බන්ධයි ද..?
07:40
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
කොන්දක් තියෙන පොලිස් මහත්මයෙක් - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41