IPL පිටියේ විකට් කැඩූ සිද්ධියට මුම්බායි පොලිසියත් මැදිහත්වෙයි

අයි.පී.එල්. තරගවලියේ ඊයේ (22) රාත්‍රියේ පැවති තරගය ඉතා තියුණු සටනකින් පසු ජය ගන්නට පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

මුම්බායි නුවර වංකඩේ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය මුම්බායි ඉන්දියන්ස් පිළ පරාජය කරමින් පන්ජාබ් කිංග්ස් පිළ ජය ගත්තේ ලකුණු 13කින්.

මෙම තරගයේ මුම්බායි පිළිතුරු ඉනිමේ අවසන් පන්දුවාරය පිළිබඳව මේ වනවිට ක්‍රිකට් ලෝකයේ සහ සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් මතුව තිබෙනවා.

පන්ජාබ් වේගපන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං යැවූ එම පන්දුවාරය තුළ මුම්බායි කඩුලු 02ක් බිඳ දමන අතර, එම අවස්ථා දෙකේදීම මැද ඉන්නේ පන්දුව වැදීම හේතුවෙන් ඉන්න කැඩී යනවා.

ඒ, හේතුවෙන් පිතිකරු රැඳී සිටි අන්තයේ කඩුලුවල මැද ඉන්න අවස්ථා දෙකකදී අලුතින් සවි කිරීමටයි විනිසුරුවරුන්ට සිදුවුණේ.

කෙසේ වෙතත් තරගයේ සිදුවූ මෙම සිදුවීමට මේ වනවිට මුම්බායි පොලිසියට ද මැදිහත්වීමට සිදුව තිබෙනවා.

එහිදී මැද ඉන්න කැඩී විසි වී යන අවස්ථාවේ ඡායාරූපයක් පන්ජාබ් කිංග්ස් පිළේ නිල ට්විටර් ගිණුමේ පළකරමින් සටහන්කර ඇත්තේ “ඒයි මුම්බායි පොලිසිය, අපි අපරාධයක් වාර්තා කිරීමට කැමතියි” යනුවෙනුයි.

“නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත, කඩුල්ලක් නොවේ !” යනුවෙන් මුම්බායි පොලිස් නිල ට්විටර් ගිණුමෙන් ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් පන්ජාබ් කිංග්ස් පිළේ නිල ට්විටර් ගිණුමේ සහ මුම්බායි පොලිස් නිල ට්විටර් ගිණුමේ තැබූ මෙම හාස්‍යජනක සටහන් පිළිබඳව මේ වනවිටත් බොහෝ දෙනෙකුගේ අවදානයට යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1 11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14