IMF නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අද මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අද (23) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

එම පිරිස ලබන 31 වනදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිත් අතර, එහිදී මෙරට නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදීම සඳහා ආධාර පැකේජයක් හඳුන්වාදීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් ඇතිකර ගැනීමට එම පිරිස මෙලෙස මෙරට සංචාරයේ නිරත වනවා.

මේ අතර මෙම වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට අපේක්ෂිත ණය පහසුකම් ලබාගැනීමට හැකිවනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළා.

එමෙන්ම ඉදිරි වසර තුන හතර සඳහා සමස්ථ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළකළා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12