EPF/ ETF සඳහා ගෙවන පොලිය අඩු කිරීමට එරෙහිව පෙත්සමක්

අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබෙනවා.

නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්, භාණ්ඩාගාරික නිමල් ප්‍රේමසිරි විසිනුයි එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇත්තේ.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කළා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය හා එහි සාමාජිකයින්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ සේවක සේවිකාවන් විසින් අයකර ගන්නා ලද රුපියල් ට්‍රිලියන 3.4ක පමණ දායක මුදලක් සේවක අර්ථසාධක අරමුදල තුළ පවතින බවයි.

සේවක අර්ථසාධක අරමුදල පවතින මුදල් වලින් 90%ක් පමණ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන බවත් පෙත්සම්වල සඳහන්.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනය කරන මුදල් සඳහා මෙතෙක් හිමි වූ සියයට 12 ක පොලිය 9% දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇති බවයි.

මේ තුළින් අදාළ අරමුදලට දායක වී සිටින සාමාජික සේවක සේවිකාවන්ට දැඩි අගතියක් සිදු වන බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් රජයේ මෙම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14