EPF සහ ETF පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

රජය විසින් සිදු කිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 17 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබෙනවා.

පෙත්සම ඉදිරිපත් කළ අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ, ලේකම් ජනක අධිකාරි ඇතුළු හය දෙනෙකු වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතා විසිනුයි මෙම මෝසම ඉදිරිපත් කර ඇත්තේ.

එම මෝසමේ සඳහන් වන්නේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 17 වනදා විවෘත අධිකරණයේ කැඳවන ලෙසටයි.

එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ ප්‍රධානීන්, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, නීතිපතිවරයා ඇතුළු 46 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ සේවක අර්ථසාධක අරමුදල තුළ වැඩකරන ජනතාවගේ මිලියන විස්සකට ආසන්න සක්‍රිය ගිණුම් පවතින බවයි.

ඊට අමතරව සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල තුළ ආසන්න වශයෙන් මිලියන 2.6 ක සක්‍රිය සාමාජික ගිණුම් පවතින බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදලට අයත් අරමුදල්වලින් සියයට අනු තුනක් පමණ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් සහ මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන බවද පෙත්සමෙහි සඳහන්.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලෙන් අරමුදල්වලින් රුපියල් බිලියන 2390.4ක් රජයේ බැඳුම්කර හා සුරැකුම්පත්වල ආයෝජනය කර තිබෙනවා.

එමෙන්ම සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල අරමුදල් වලින් සියයට 86ක් පමණ රජයේ සුරැකුම්පත්වල සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර තිබෙන බවයි පෙත්සමේ සඳහන් වන්නේ. එහි වටිනාකම රුපියල් මිලියන 352 544 ක් බව සඳහන්.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය මාර්තු මස 22 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම පාර්ලිමේන්තුවට සභාගත කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවයට අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් දැනුම් දුන් බවයි.

එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකරන බවට ශ්‍රී ලංකා රජය විසින් ඔවුන්ගේ ජාත්‍යන්තර ණය හිමි ආයතනවලට ප්‍රතිඥාවක් ලබාදී තිබෙන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

මෙම වාතාවරණය යටතේ සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල වෙතින් රජය විසින් ලබාගෙන තිබෙන ණය කප්පාදු කිරීමට කටයුතු කළහොත් ඉන් ඒවායේ සාමාජිකයින්ට දැඩි අගතියක් සිදු විය හැකි බවයි පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ.

මෙවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ කටයුත්තක් සඳහා රජයේ විසින් අදාළ අරමුදල්වල සාමාජිකයින්ගේ කැමැත්ත ලබාගෙන නොමැති අතර ඒ තුළින් රජය ඔවුන්ගේ අදහස් විමසීම ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පෙත්සම මගින් චෝදනා කර තිබෙනවා.

ඒ තුළින් රජය සිය රාජ්‍ය ප්‍රතිපත්තීන් උල්ලංඝනය කර තිබෙන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

මේ තුළින් වගඋත්තරකරුවන් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් රජය විසින් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු භාණ්ඩාගාර බිල්පත් හා රජයේ බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ සහ සේවක අර්ථසාධක අරමුදලේ ණය මුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම්කකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16