පිහි ප්‍රහාරයකට ලක් වූ සුප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩිට ඇසක් අහිමිවීමේ අවදානමක්

ලොව ප්‍රකට ලේඛකයෙකු වන සල්මන් රුෂ්ඩි ඇමරිකාවේ නිව්යෝර්ක් හිදී පිහි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

සල්මන් සාහිත්‍ය උත්සවයක වේදිකාවක් මත කතා කරමින් සිටි අවස්තාවක එක්වරම වේදිකාවට ගොඩවූ පුද්ගලයෙකු ඔහුට පිහියකින් ඇන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිහි ඇනුම හේතුවෙන් බරපතල තත්ත්වයේ පසු වූ ඔහු වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ 24 හැවිරිදි පුද්ගලයෙක් නිව්යෝර්ක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පිහි ඇනුමෙන් සල්මන්ගේ ඇසක් අහිමි වීමට ඉඩ ඇති බවත්, අතක ස්නායු කැපී ගොස් ඔහුගේ අක්මාවට හානි සිදුවී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

75 හැවිරිදි වියේ පසුවන සල්මන් රුෂ්ඩි විසින් රචිත ‘The Satanic Verses’ නමැති කෘතිය හේතුවෙන් ඔහුට ස්ලාමීය සටන්කරුවන්ගෙන් ජීවිත තර්ජන එල්ලවී තිබුණා.

අත්අඩංගුවට ගත් ප්‍රහාරකයා නිව් ජර්සි හි පදිංචි, හැඩි මාටර් නැමැත්තෙකු බවට හඳුනාගෙන ඇති අතර, ප්‍රහාරය සිදුකිරීමට හේතුව තවමත් අපැහැදිලි බවයි ආරක්ෂක නිලධාරීන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23