spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිහි ප්‍රහාරයකට ලක් වූ සුප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩිට ඇසක් අහිමිවීමේ අවදානමක්

ලොව ප්‍රකට ලේඛකයෙකු වන සල්මන් රුෂ්ඩි ඇමරිකාවේ නිව්යෝර්ක් හිදී පිහි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

සල්මන් සාහිත්‍ය උත්සවයක වේදිකාවක් මත කතා කරමින් සිටි අවස්තාවක එක්වරම වේදිකාවට ගොඩවූ පුද්ගලයෙකු ඔහුට පිහියකින් ඇන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිහි ඇනුම හේතුවෙන් බරපතල තත්ත්වයේ පසු වූ ඔහු වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ 24 හැවිරිදි පුද්ගලයෙක් නිව්යෝර්ක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පිහි ඇනුමෙන් සල්මන්ගේ ඇසක් අහිමි වීමට ඉඩ ඇති බවත්, අතක ස්නායු කැපී ගොස් ඔහුගේ අක්මාවට හානි සිදුවී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

75 හැවිරිදි වියේ පසුවන සල්මන් රුෂ්ඩි විසින් රචිත ‘The Satanic Verses’ නමැති කෘතිය හේතුවෙන් ඔහුට ස්ලාමීය සටන්කරුවන්ගෙන් ජීවිත තර්ජන එල්ලවී තිබුණා.

අත්අඩංගුවට ගත් ප්‍රහාරකයා නිව් ජර්සි හි පදිංචි, හැඩි මාටර් නැමැත්තෙකු බවට හඳුනාගෙන ඇති අතර, ප්‍රහාරය සිදුකිරීමට හේතුව තවමත් අපැහැදිලි බවයි ආරක්ෂක නිලධාරීන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?