ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකකට නව ප්‍රධානීන් පත් කෙරේ

නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පත්කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.

නිශාන්ත අනුරුද්ධ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වනවා.

මේ අතර දුම්රිය සාමාන්‍ය අධිකාරී තනතුර සඳහා ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ පත්කර ඇති බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඔහු මීට පෙර ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

මොවුන් දෙදෙනා අද (05) බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?