යළිත් ලැබෙන ත්‍රිපෝෂ

ගර්භණී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ත්‍රිපෝෂ සහ පෝෂණ සංඝටක යළි අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

ලෝක මව්කිරි දීමේ සතිය නිමිත්තෙන් ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මේ බව සඳහන් කළා.

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ළදරුවන්ට මව්කිරිදීම පවුලකට ආර්ථික වශයෙන් විශාල සහනයක් වන බවයි ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

අගෝස්තු 01 වනදා සිට 07 වනදා දක්වා ලෝක මව්කිරි දීමේ සතිය ක්‍රියාත්මක වන අතර “මව්කිරි දීමට නැගී සිටිමු – දැනුවත් කරමු – සහාය වෙමු” යන්න මෙවර එහි තේමාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?