ඩොලර් වැඩියෙන් එවන විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට වාහන ආනයනයට අවසර

නීත්‍යානුකූලව රට තුළට ඩොලර් එවනු ලබන විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තීරු බදු සහන යටතේ වාහන ආනයන කිරීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එලෙස ආනයනය කිරීමට අවසර හිමිව ඇත්තේ විදුලියෙන් ක්‍රියාකරන රථ පමණක් බවයි අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වූ විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ.

ඒ, අනුව ඩොලර් 3000ට වඩා වැඩියෙන් ලංකාවට මුදල් ඒවා ඇති පුද්ගලයින්ට බදු සහන යටතේ විද්‍යුත් මෝටර් සයිකලයක් ගෙන්වීමට අවසර හිමිවනවා.

එමෙන්ම ඩොලර් 20000ට වඩා වැඩි මුදලක් ඒවා ඇත්නම් එම තැනැත්තාට ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව මෝටර් රථයක් ආනයනට අවසර ලබාදීමටයි සැලසුම්කර ඇත්තේ.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ත්‍රිරෝද රථ ආනයනයට මෙහිදී අවසර හිමි නොවන බවයි.

ඊට අදාල චක්‍රලේඛය ලබන සතිය තුළ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14