spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩොලර් වැඩියෙන් එවන විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට වාහන ආනයනයට අවසර

නීත්‍යානුකූලව රට තුළට ඩොලර් එවනු ලබන විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තීරු බදු සහන යටතේ වාහන ආනයන කිරීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එලෙස ආනයනය කිරීමට අවසර හිමිව ඇත්තේ විදුලියෙන් ක්‍රියාකරන රථ පමණක් බවයි අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වූ විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ.

ඒ, අනුව ඩොලර් 3000ට වඩා වැඩියෙන් ලංකාවට මුදල් ඒවා ඇති පුද්ගලයින්ට බදු සහන යටතේ විද්‍යුත් මෝටර් සයිකලයක් ගෙන්වීමට අවසර හිමිවනවා.

එමෙන්ම ඩොලර් 20000ට වඩා වැඩි මුදලක් ඒවා ඇත්නම් එම තැනැත්තාට ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව මෝටර් රථයක් ආනයනට අවසර ලබාදීමටයි සැලසුම්කර ඇත්තේ.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ත්‍රිරෝද රථ ආනයනයට මෙහිදී අවසර හිමි නොවන බවයි.

ඊට අදාල චක්‍රලේඛය ලබන සතිය තුළ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?