AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වූ වාහන සංඛ්‍යාව 47 ලක්ෂය පනී

ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා මේ වනවිට වාහන 4,796,028ක් ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය දැනුම් දෙනවා.

මේ අතර ඊයේ (30) රාත්‍රී 8.30 වන විට ඉන්ධන පිරවුම්හල් 1,060ක් මෙම පද්ධතියට ඇතුළත් කර ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.

එමෙන්ම ඊයේ දිනයේ දී ඉන්ධන පිරවුම්හල් 746ක් QR පද්ධතිය භාවිත කර ඇති බවයි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මේ අතර QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම හෙට (01) දිනයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ආදායම් බලපත්‍රය අංකය මඟින් ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වීමට දැන් හැකියාව පවතින බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

FY9vJMdXEAARf3g
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?