ටොන් 25ක් බර රොකට්ටුවක් ලබන සතියේ පෘථිවියට කඩා වැටේ

ටොන් 25ක් බර රොකට්ටුවක සුන්බුන් ලබන සතිය තුළ පෘථිවියට කඩා වැටෙනු ඇතැයි විශේෂඥයින් අනාවැකි පළ කරනවා.

චීනට විසින් අභ්‍යවකාශ ගතකළ Long March 5B රොකට්ටුවේ සුන්බුන් මෙලෙස පෘථිවියට පතිත වන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

චීනය යටතේ ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහාවන දෙවන මොඩියුලය රැගෙන Long March 5B රොකට්ටුව පසුගිය ඉරිදා (24) කක්ෂ ගත වුණා.

දත්ත විශ්ලේෂණය කර ඇති ආකාරයට රොකට්ටුවේ කොටස් ජූලි 31 වන දින අළුයම 3:30ට පෘථිවි වායුගෝලයට ඇතුළු වනු ඇතැයි පුරෝකථනය කරනවා.

මෙම චීන රොකට්ටුව පෘථිවියේ කොතැනට පතිතවේදැයි අනාවැකි කීම තවමත් ඉක්මන් වැඩි බව පවසන විශේෂඥයින් එහි කක්ෂය මත පදනම්ව, උතුරු අක්ෂාංශ අංශක 41 සහ දකුණු අක්ෂාංශ 41 අතර ස්ථානයකින් පෘථිවි වායුගෝලයට ඇතුල් වනු ඇත බවයි ඔවුන් පවසා සිටියේ.

තව ද එහි සියලුම සුන්බුන් පෘථිවි වායුගෝලයට ඇතුළු නොවන බව පවසන විශේෂඥයින් සඳහන් කළේ ඒවායින් කොටසක් අභ්‍යවකාශය තුළදීම දැවී විනාශ වන බවයි.

  1. ටොන් 25 ක් බර චීන රොකට් ටුවක සුන් බුන් ජුලි 31 පෘථුවියට පත්විය හැකි බවත් සදහන් පුවතක් පවතින අතර විශේසච්නයන් සදහන් කරන අතර 2022 ජුලි 30 හා අගෝස්තු 3 අතර මේ හේතුවෙන් ලොකු හානියක් විය නොහැකි බව විශ්ව කේන්ද්‍ර පරීක්ෂාවෙන් පෙනේ. අභව්‍යයකාශය තුල ඒවා විනාශ වීමට ඉඩ ඇති බව පෙනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46