spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටොන් 25ක් බර රොකට්ටුවක් ලබන සතියේ පෘථිවියට කඩා වැටේ

ටොන් 25ක් බර රොකට්ටුවක සුන්බුන් ලබන සතිය තුළ පෘථිවියට කඩා වැටෙනු ඇතැයි විශේෂඥයින් අනාවැකි පළ කරනවා.

චීනට විසින් අභ්‍යවකාශ ගතකළ Long March 5B රොකට්ටුවේ සුන්බුන් මෙලෙස පෘථිවියට පතිත වන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

චීනය යටතේ ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහාවන දෙවන මොඩියුලය රැගෙන Long March 5B රොකට්ටුව පසුගිය ඉරිදා (24) කක්ෂ ගත වුණා.

දත්ත විශ්ලේෂණය කර ඇති ආකාරයට රොකට්ටුවේ කොටස් ජූලි 31 වන දින අළුයම 3:30ට පෘථිවි වායුගෝලයට ඇතුළු වනු ඇතැයි පුරෝකථනය කරනවා.

මෙම චීන රොකට්ටුව පෘථිවියේ කොතැනට පතිතවේදැයි අනාවැකි කීම තවමත් ඉක්මන් වැඩි බව පවසන විශේෂඥයින් එහි කක්ෂය මත පදනම්ව, උතුරු අක්ෂාංශ අංශක 41 සහ දකුණු අක්ෂාංශ 41 අතර ස්ථානයකින් පෘථිවි වායුගෝලයට ඇතුල් වනු ඇත බවයි ඔවුන් පවසා සිටියේ.

තව ද එහි සියලුම සුන්බුන් පෘථිවි වායුගෝලයට ඇතුළු නොවන බව පවසන විශේෂඥයින් සඳහන් කළේ ඒවායින් කොටසක් අභ්‍යවකාශය තුළදීම දැවී විනාශ වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?