මැයි 09 වනදා ගිනිබත් කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නිවාස හදන්න වැඩබලන ජනපති සූදානමින්

පසුගිය මැයි මස 09 වනදා ඇති වූ කලහකාරී තත්ත්වය හමුවේ ප්‍රහාරවලින් විනාශ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවාස යළි සාදා දීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් සමඟ වැඩබලන ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

අදාල දේපළ විනාශ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් වැඩබලන ජනාධිපතිවරයා එම මන්ත්‍රීවරුන්ට පවසා ඇති බව සඳහන්.

විනාශයට පත් වූ මැති ඇමැතිවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ.

පසුගිය මැයි මස 09 වනදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දේශපාලනඥයින් 80කට අසන්න පිරිසකගේ නිවාස හා දේපළවලට හානි සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15