එරෝෆ්ලොට් නඩුව නිෂ්ප්‍රභ කෙරේ

එරෝෆ්ලොට් නඩුව පිරිවැය සහිත ව නිෂ්ප්‍රභ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබෙනවා.

අදාල නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් මතුකළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුවයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා විසින් මෙම නියෝගය අද (15) ලබාදී ඇත්තේ.