AFC Banner
Empty Ad
Empty Ad

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුගේ රහස් රැසක් එළියට

ඉන්දියාවේදී මියගිය බවට වාර්තා වූ අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස හැඳින්වුණු, ගම්පහදී පොලිස් වෙඩි පහරින් මියගිය චමී හෙවත් චමින්ද සඳමාල් එදිරිසූරිය නමැත්තා විවිධ අපරාධ සහ හෙරොයින් ජාවාරම් තුළින් උපයාගත් මුදල් ඇතුළු විශාල වත්කම් රැසක හිමිකරුවෙකු බවට අනාවරණ කෙරුණා.

ඒ, නීතිවිරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය ගම්පහ අංක 01, මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්නට ඊයේ (08) සිදුකළ කරුණු දැක්වීමකදීයි.

පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරු සඟවා තිබූ ගිනි අවියක් සහ හෙරොයින් තොගයක් සොයා ගැනීම සඳහා පොලිස් ජීප් රථයකින් රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කළ අවස්ථාවේ ඔහු පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වුණේ පසුගිය අගෝස්තු 23 වනදායි.

මියගිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන ලෙස පොලිස්පතිවරයා විසින් නීතිවිරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශයට නියෝග කර තිබුණා.

ඒ අනුව, මෙම සැකකරු කඩුවෙල අධිකරණ සංකීර්ණයේදී සමයං නමැති පාතාල නායකයා වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සහ කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පුද්ගලයන් ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකකරුට විරුද්ධව චෝදනා එල්ල වී ඇති බව මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව නීතිවිරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශයට අධිකරණයට දැනුම් දුන්නා.

එසේම, මොහු විවිධ අපරාධ සහ කප්පම් ගැනීම ඇතුලු හෙරොයින් ජාවාරම් කිරීමේ නිරතව සිටියදී උපයා ගන්නා ලද මුදල්, වාහන සහ දේපළ ඔහුට අයත්ව පවතින බවත්, තවත් දේපළ මෙම පුද්ගලයාගේ අනියම් බිරිඳ ඇතුළු තවත් පුද්ගලයින්ගේ නමින් මිලට ගෙන ඇති බවට අනාවරණ වී ඇති බවත්, නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණ පනත ඇතුළු තවත් පනත් මගින් එම චංචල සහ නිෂ්චල දේපොල රාජසන්තක කිරීමට කටයුතු කරන බවයි නීතිවිරෝධී දේපොල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්නට කරුණු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?