අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුගේ රහස් රැසක් එළියට

ඉන්දියාවේදී මියගිය බවට වාර්තා වූ අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස හැඳින්වුණු, ගම්පහදී පොලිස් වෙඩි පහරින් මියගිය චමී හෙවත් චමින්ද සඳමාල් එදිරිසූරිය නමැත්තා විවිධ අපරාධ සහ හෙරොයින් ජාවාරම් තුළින් උපයාගත් මුදල් ඇතුළු විශාල වත්කම් රැසක හිමිකරුවෙකු බවට අනාවරණ කෙරුණා.

ඒ, නීතිවිරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය ගම්පහ අංක 01, මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්නට ඊයේ (08) සිදුකළ කරුණු දැක්වීමකදීයි.

පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරු සඟවා තිබූ ගිනි අවියක් සහ හෙරොයින් තොගයක් සොයා ගැනීම සඳහා පොලිස් ජීප් රථයකින් රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කළ අවස්ථාවේ ඔහු පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වුණේ පසුගිය අගෝස්තු 23 වනදායි.

මියගිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන ලෙස පොලිස්පතිවරයා විසින් නීතිවිරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශයට නියෝග කර තිබුණා.

ඒ අනුව, මෙම සැකකරු කඩුවෙල අධිකරණ සංකීර්ණයේදී සමයං නමැති පාතාල නායකයා වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සහ කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පුද්ගලයන් ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකකරුට විරුද්ධව චෝදනා එල්ල වී ඇති බව මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව නීතිවිරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශයට අධිකරණයට දැනුම් දුන්නා.

එසේම, මොහු විවිධ අපරාධ සහ කප්පම් ගැනීම ඇතුලු හෙරොයින් ජාවාරම් කිරීමේ නිරතව සිටියදී උපයා ගන්නා ලද මුදල්, වාහන සහ දේපළ ඔහුට අයත්ව පවතින බවත්, තවත් දේපළ මෙම පුද්ගලයාගේ අනියම් බිරිඳ ඇතුළු තවත් පුද්ගලයින්ගේ නමින් මිලට ගෙන ඇති බවට අනාවරණ වී ඇති බවත්, නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණ පනත ඇතුළු තවත් පනත් මගින් එම චංචල සහ නිෂ්චල දේපොල රාජසන්තක කිරීමට කටයුතු කරන බවයි නීතිවිරෝධී දේපොල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්නට කරුණු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09