AFC Banner
Empty Ad
Empty Ad

මහරගම, කොහුවල, පිළියන්දල ආදී ප්‍රදේශවල කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි (වීඩියෝ)

මහරගම, කොහුවල, පිළියන්දල සහ බොරලැස්ගමුව ආදී ප්‍රදේශවලදී කාන්තාවන්ගේ අත්බෑග් කොල්ලකෑමේ නිරතව සිටි පුද්ගලයෙක් බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බන්තොට ප්‍රදේශයෙන් සොරාගත් ත්‍රිරෝද රථයකින් එම ප්‍රදේශවල සැරිසරමින් කොල්ලකරු මෙම කොල්ලකෑම්වල නිරතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී මෙලෙස සිදුකළ කොල්ලකෑම් 13ක පමණ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙලෙස කොල්ලකෑ අත්බෑග්වලින් ජංගම දුරකථන 16ක් සොයාගෙන ඇති අතර ඒවායේ තිබූ මුදල් හෙරොයින් මිලදී ගැනීමට වියදම් කළ බවයි කොල්ලකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු 23 හැවිරිදි සැකකරු රත්මලාන, කටුකුරුන්දවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරු තරුණියකගේ අත්බෑගයක් කොල්ල කා පලායන අයුරු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?