මහරගම, කොහුවල, පිළියන්දල ආදී ප්‍රදේශවල කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි (වීඩියෝ)

මහරගම, කොහුවල, පිළියන්දල සහ බොරලැස්ගමුව ආදී ප්‍රදේශවලදී කාන්තාවන්ගේ අත්බෑග් කොල්ලකෑමේ නිරතව සිටි පුද්ගලයෙක් බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බන්තොට ප්‍රදේශයෙන් සොරාගත් ත්‍රිරෝද රථයකින් එම ප්‍රදේශවල සැරිසරමින් කොල්ලකරු මෙම කොල්ලකෑම්වල නිරතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී මෙලෙස සිදුකළ කොල්ලකෑම් 13ක පමණ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙලෙස කොල්ලකෑ අත්බෑග්වලින් ජංගම දුරකථන 16ක් සොයාගෙන ඇති අතර ඒවායේ තිබූ මුදල් හෙරොයින් මිලදී ගැනීමට වියදම් කළ බවයි කොල්ලකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු 23 හැවිරිදි සැකකරු රත්මලාන, කටුකුරුන්දවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරු තරුණියකගේ අත්බෑගයක් කොල්ල කා පලායන අයුරු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33