තැපැල්පතිගෙන් තැපැල් සේවකයින්ට අනතුරු ඇඟවීමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා නො කළහොත් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බව තැපැල්පති රංජිත් ආරියරත්න අනතුරු ඇඟවීමක් කරනවා.

මේ සම්බන්ධයෙන් අද (02) දිනය තුළ වෘත්තිය සමිති වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බවයි තැපැල්පතිවරයා පවසන්නේ.

ඉන්ධන අර්බුදය ඇතුළු රට තුළ පවතින ගැටලුකාරී වාතාවරණය හේතුවෙන් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘත කිරීමට පසුගියදා තීරණය කළා.

කෙසේ වෙතත් ඊට විරෝධය පළකරමින් පසුගිය 26 වනදා සිට තැපැල් වෘත්තිය සමිති විසින් වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

මෙම වර්ජනය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවට කෝටි දෙකකට අධික අලාභයක් සිදුව ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38