spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තැපැල්පතිගෙන් තැපැල් සේවකයින්ට අනතුරු ඇඟවීමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා නො කළහොත් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බව තැපැල්පති රංජිත් ආරියරත්න අනතුරු ඇඟවීමක් කරනවා.

මේ සම්බන්ධයෙන් අද (02) දිනය තුළ වෘත්තිය සමිති වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බවයි තැපැල්පතිවරයා පවසන්නේ.

ඉන්ධන අර්බුදය ඇතුළු රට තුළ පවතින ගැටලුකාරී වාතාවරණය හේතුවෙන් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘත කිරීමට පසුගියදා තීරණය කළා.

කෙසේ වෙතත් ඊට විරෝධය පළකරමින් පසුගිය 26 වනදා සිට තැපැල් වෘත්තිය සමිති විසින් වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

මෙම වර්ජනය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවට කෝටි දෙකකට අධික අලාභයක් සිදුව ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?