ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසු කොෂී හිදාකි ( Mizukoshi Hideaki ) මහතා හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් අද ( 24 ) දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය . ජපානය හා ශ්‍රී ලංකාව අතර ඇති අන්තර් ජාතික සබඳතා සහ අප රටේ වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිවෙල පිළිබඳව ද මෙහිදි සාකච්ඡාවට බඳුන් විය . ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ලබන දරුවන් ජපන් භාෂාව විෂයක් ලෙස හැදෑරීමේ වැදගත් කම පිළිබඳව ද වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කෙරිණි . නව අධ්‍යාපන අමාත්‍යතුමාට තානාපතිතුමන්ගේ සුබ පැතුම් ද එක් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඕනෑම අවශ්‍ය අවස්ථාවක දී තම රටේ සහයෝගය ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය .







