Empty Ad
Empty Ad
 Empty Ad

මගේ දුර්වලකම තමයි “මං හිතනවා හැමෝම මං වගේ කියලා”

චිරන්ත රන්වල කියන්නෙ කලාව දෝතට ගත් කලා පවුලකින් උපන් දක්ෂ කෙනෙක්.මෑතකදි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ විදුහල්පති ලෙස ඔහු රංගනයෙන් දායක වුණු චරිතය තුළින් විශාල ප්‍රේක්ශක ආකර්ශනයක් දිනාගන්නට චිරන්ත ට හැකි වුණා.ඒ ආදරයත් සමඟ අද අපි කතා බහක යෙදුණේ චිරන්ත රන්වල සමඟින්..

චිරන්ත…ආයුබෝවන් !

ආයුබෝවන් !

චිරන්ත කොහොමද ඉතිං?

වරදක් නෑ හොඳින් ඉන්නවා.

මේ දවස් වල ජීවිතය කොහොමද?

මේ කාලෙ කියන්නෙ ජීවිතේට අභියෝග රැසක් එකතු වෙච්ච කාලයක්.අපි හැමදේකින්ම ඉගෙන ගන්නවා ගොඩක් දේවල්,ගොඩක් අත්දැකීම් එකතු කරගෙන තවත් ඉගෙන ගන්නවා.එහෙම තමයි ජීවිතේ.

මේ දවස් වල මොනවද ඉතින් තියෙන වැඩ?

මේ දවස් වල ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන විහාරා ටීචර්ගේ තාත්තා විදිහට රඟපානවා.

චිරන්තගේ පවුලෙ විස්තර කොහොමද?

මගේ ආදරණීය බිරිඳ,දුව සහ මම..අපි තුන්දෙනා ඉතාමත් සමඟියෙන් සන්තෝසෙන් ඉන්නවා.

චිරන්ත කියන්නේ කොහොම කෙනෙක්ද ?

මම හැමෝටම උදව් කරන්න ආසයි.හැබැයි ප්‍රතිඋපකාරයක් බලාගෙන නෙවෙයි.එහෙම උදව් කරපු කෙනා ඊට පස්සේ අපිව නොහඳුනන ගානට ඉන්නවනම් හිතට දුකයි.මගේ දුර්වලකම තමයි මං හිතනවා හැමෝම මං වගේ කියලා.

හැමෝම මං වගේ කියලා හිතලා කරදර එහෙම වෙලා තියද?

පාඩම් ඕන තරම් තියෙනවා පොතක් ලියන්න වුණත් පුළුවන්.

චිරන්ත රංගන ක්ෂේත්‍රයට ආවේ කොහොමද?

1996 දි තමයි රංගන ක්ෂේත්‍රයට එන්නේ.මුලින්ම පාසලේ දී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ද වුනා.ඊට පස්සෙ එකේ ඩ්‍රාමා එකකට සම්බන්ධ වුණා.ඊට පස්සේ සවනක් රැස් කියලා රූපවාහිනියෙ වැඩසටහනකට මායි මල්ලියි තාත්තයි රඟපෑවා.සවනක් රැස් කියලා කියන්නේ පෝය දවසට යන ලස්සන වැඩසටහනක්.ඊට පස්සේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් මහත්තයා අධ්‍යක්ෂණය කරපු දෙවන කැමැත්ත කියලා ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.

ඉස්සර අපිට ලස්සන script එකක් හම්බෙනවා.මුල මැද අග කියවන්න පුළුවන් නොතේරෙන තැනක් තියෙනවනම් නැවත කියවලා දැන ගන්න පුළුවන්.දැන් තියෙන මෙගා නාට්‍යවල වගේ නෙමෙයි.මුල් කාලේ මට shooting තියන්න කලින් මම යනවා වේලාසන,ඒ මට තියෙන උනන්දුව නිසා.මම වෙලාසන ගිහින් ටී බෝයි ට උදව් කරන එක පවා කරනවා.තාමත් මට ලයිට් කේබල් ඔතන්න,ලයිට් ස්ටෑන්ඩ්ස් ගෙනියන්න ඒ ක්‍රම පුළුවන්.මම සඳ කිඳුරිය නාට්‍යයටත් සම්බන්ධ වුණා.ඊට පස්සේ ලක්හඬ ගුවන්විදුලියේ නිවේදනයට සම්බන්ධ වෙනවා.

ඊට පස්සේ මට රංගනය අතහැරුණා.ඊට පස්සේ එක දිගටම මාධ්‍ය හා සම්බන්ධ වෙලා මම වැඩ කරනවා.ඊට පස්සේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ස්ථිර සේවයේ ඉඳලා 2007 දී ස්වර්ණවාහිනියෙන් අයින් වෙලා නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තා.

වැඩියෙන්ම කැමති රඟපාන්නද සින්දු කියන්න ද නිවේදනයට ද?

මම ඇත්තටම රඟපාන්න කැමතියි.නිවේදන ක්ෂේත්‍රයටත් කැමතියි.ඒ ගුවන්විදුලි ක්ෂේත්‍රයට..තාමත් මිනිස්සු මගෙන් අහනවා දැන් නිවුස් කියන්නෙ නැද්ද කියලා.ඒත් කාලෙකට පස්සේ මම ආයෙත් මිනිස්සු අතරට ගියේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ විදුහල්පති ගේ චරිතය හරහා.ඒ චරිතය මම වෙනුවෙන්මයි සාරංග නිර්මාණය කරලා තියෙන්නේ.ඒක හරියට නිකන් මාව දෙවෙනි පාර ඉපැද්දුවා වගේ.ඊට පස්සේ ඒ වගේ චරිත කීපයක් ලැබුනා.ඒත් ඉතින් එකම වගේ නිසා සමහර ඒවා බාරගත්තේ නෑ.හොඳ වැඩක් තියෙනවා නම් බාරගන්නවා.

චිරන්ත ජීවිතයේ වැඩිපුරම සතුටු වුණු දවස මොකක්ද ?

මගේ දුව ඉපදුන දවස.

දුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙන එක ලේසි නෑ.ඒ වගකීම කොහොමද?

ඒ වගකීම ඇත්තටම විශාල දෙයක්. මම මගේ දුවව ඉතාමත්ම පරිස්සම් කරනවා.ඉස්කෝලේ යන්නේ පන්ති යන්නේ එයා මාත් එක්කමයි.එයා එක්කමයි මම කාලය ගත කරන්න උත්සහ ගන්නේ.ඒ වගකීම ඇත්තටම ලොකු දෙයක්.

අලුත් පරම්පරාව ගැන මොකද හිතන්නේ?

අලුත් පරම්පරාවේ ඉතාමත්ම හොඳ දක්ෂයො ඉන්නවා.හැබැයි මේකෙ යෙදිලා හදාරනවා මිසක් දැන් එයාලට හදාරලා එන්න හරි තැනක් නෑ. ඒ අඩුව තියෙනවා.නමුත් හොඳ දක්ෂයො ගොඩක් ඉන්නවා.හැබැයි තාමත් අපිට සිනමාවට සිහින කුමරෙක් ගේ අඩුවක් තියෙනවා.විජය කුමාරතුංග නැති වුණාට පස්සේ ඒ අඩුව තාමත් තියෙනවා.දැන් තියෙන තරු ගුණය එක්ක ඒ අඩුව කෙනෙක් පුරවනවා නම් මම කැමතියි.මොකද දක්ෂකම එක්ක අනිවාර්යෙන්ම තරු ගුණය තියෙන්න ඕන.

ජීවිතයේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

කාටවත් කරදරයක් නැතුව පාඩුවේ හැමෝටම උදව් කරගෙන ඉන්න තමයි බලාපොරොත්තුව

ඉදිරියට කරන්න තියෙන වැඩ මොනවද?

තාත්තා කරාටිජෝ කියලා චිත්‍රපටයට ගීත හතරක් කරලා තියෙනවා.ඒවා හරිම ලස්සන අදටත් ගැලපෙන ගීත.මම මගේ සහෝදරයා සහ සහන් එක්ක මේ ගීත හතර ආයෙ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා..

සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News

4cd0fd0c 90a2 4710 b078 ff926eed447a 1
6a3b932d 2d5c 45b6 a2b5 4d8445ad6f13
ddd67dd6 f7e8 4c20 af62 57a1b626f60c 1
a591a729 0ce3 481e 8723 0626c93f827c 1
11a5740d 9e65 4399 995e 3e7b90f37d8e
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාඩු සහල් නැති එක බරපතල ප්‍රශ්නයක් - ලාල් කාන්තගෙන් මහනුවර ජනතාවට පොරොන්දුවක්
09:58
Video thumbnail
විපක්ෂ නායක පුටුවේ ඉඳගෙන මෝඩකම ප්‍රදර්ශනය කරපු දොස්තර ඊයේ Live ඇවිල්ලා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය
04:12
Video thumbnail
ඡන්දෙට කලින් කිව්වේ එකක් - දැන් කියන්නේ තව එකක් - කැන්ටිමේ කන්න තිබේබේ වෙනදා කෑම ටිකමයි
06:29
Video thumbnail
KASTHIRAMA | සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සහ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩ සහභාගීවන කස්තිරම
01:28:05
Video thumbnail
ජාතික ජන බලවේගය යන පාර හරියට පැහැදිළි නෑ#npp #akd #sjb
08:32
Video thumbnail
විපක්ෂයේ දියාරු ගතිය මෙන්න - සජිත් ප්‍රේමදාසත් ,හර්ශ ද සිල්වාත් නැත්තටම නැති කරයි
08:57
Video thumbnail
ජනාධිපතිගේ රාජාසන කතාව NPPයට ඡන්දය දුන්නු අයව අපේක්ෂා බංගත්වයට පත්කරනවා
07:07
Video thumbnail
මැද කොළඹට ඇත්තටම මොකද වුණෙ? - මධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට මුජිබර්ට කටඋත්තර නැතිවෙයි
04:02
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් ආණ්ඩුවට බොක්කෙන්ම ආශිර්වාද කරයි..
03:06
Video thumbnail
IMF නියෝජිතයින් සහ විපක්ෂ නායක අතර සාකච්ඡාවෙන් පසු හර්ශ ද සිල්වා කළ අමුතු කතාව#imf #sjb
03:08

?