ගොවීන් සඳහා ඉන්ධන නිකුත් කිරීමට දිවයින පුරා ඉන්ධනහල් 247කින්

2022 යල කන්නයේ ගොවීන් සඳහා ඉන්ධන නිකූත් කිරිමේ වැඩසටහන යටතේ දිවයින පුරා ඉන්ධනහල් 247කින් පහසුකම් සැලසීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඊයේ (22) පස්වරුවේ කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡා කළ කෘෂි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුර තොරතුරු පහතින්..

මෙවර යල කන්නය කුඹුරු වගා කිරීම සඳහා ගොවි ජනතාව මුහුණ දුන් ප්‍රධානම ගැටළුව වුයේ ඉන්ධන හිඟයයි.
නමුත් රජය සමග සාකච්ඡා කර ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා දිවයින පුරා පිහිටි ඉන්ධනහල් 247ක් නම් කර ඒ මගින් ගොවින්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමට පියවර ගනු ලැබීය . මෙම වැඩ පිළිවෙළ නිසා ගොවීන් කුඹුරු වගාව ආරම්භ කළේය.

ජූනි මාස මුල් සතියේ මෙරට වගා කර තිබු කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 238,000ක් විය. ඒ මට්ටම අපේක්ෂිත ඉළක්කයෙන් සියයට 38ක් පමණ විය. නමුත් සති තුනකට ආසන්න කාලයක් තුළ වගා කරන ලද කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 473,000 ඉක්මවා ගොස් තිබේ. ඒය අපේක්ෂිත ඉළක්කයෙන් සියයට 90 ඉක්මවා ගොස් තිබේ.

කෙසේ වුවද මීලඟ මාස කන්නය තුළ අප රටේ සියලුම කුඹුරු අස්වැද්දීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉළක්කයයි. ඒ සඳහා සියලුම කෘෂි පර්යේෂණ නිලධාරින් වීසින් කැපවී කටයුතු කළ යුතුය. 2022/ 23 මාස් කන්නයෙන් පසුව රට තුළ පුරන් කුඹුරු යනුවෙන්ඉඩම් විශේෂයක් රට තුළ නොතිබිය යුතුය. ඒ සඳහා සියලුම වගකීම් කෘෂි පර්යේෂණ නිලධාරින් බාර ගත යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?