ගොවීන් සඳහා ඉන්ධන නිකුත් කිරීමට දිවයින පුරා ඉන්ධනහල් 247කින්

2022 යල කන්නයේ ගොවීන් සඳහා ඉන්ධන නිකූත් කිරිමේ වැඩසටහන යටතේ දිවයින පුරා ඉන්ධනහල් 247කින් පහසුකම් සැලසීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඊයේ (22) පස්වරුවේ කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡා කළ කෘෂි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුර තොරතුරු පහතින්..

මෙවර යල කන්නය කුඹුරු වගා කිරීම සඳහා ගොවි ජනතාව මුහුණ දුන් ප්‍රධානම ගැටළුව වුයේ ඉන්ධන හිඟයයි.
නමුත් රජය සමග සාකච්ඡා කර ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා දිවයින පුරා පිහිටි ඉන්ධනහල් 247ක් නම් කර ඒ මගින් ගොවින්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමට පියවර ගනු ලැබීය . මෙම වැඩ පිළිවෙළ නිසා ගොවීන් කුඹුරු වගාව ආරම්භ කළේය.

ජූනි මාස මුල් සතියේ මෙරට වගා කර තිබු කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 238,000ක් විය. ඒ මට්ටම අපේක්ෂිත ඉළක්කයෙන් සියයට 38ක් පමණ විය. නමුත් සති තුනකට ආසන්න කාලයක් තුළ වගා කරන ලද කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 473,000 ඉක්මවා ගොස් තිබේ. ඒය අපේක්ෂිත ඉළක්කයෙන් සියයට 90 ඉක්මවා ගොස් තිබේ.

කෙසේ වුවද මීලඟ මාස කන්නය තුළ අප රටේ සියලුම කුඹුරු අස්වැද්දීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉළක්කයයි. ඒ සඳහා සියලුම කෘෂි පර්යේෂණ නිලධාරින් වීසින් කැපවී කටයුතු කළ යුතුය. 2022/ 23 මාස් කන්නයෙන් පසුව රට තුළ පුරන් කුඹුරු යනුවෙන්ඉඩම් විශේෂයක් රට තුළ නොතිබිය යුතුය. ඒ සඳහා සියලුම වගකීම් කෘෂි පර්යේෂණ නිලධාරින් බාර ගත යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15