නාගානන්දගේ ගෑස් ප්‍රකාශයෙන් දයාසිරි අගමැති මැති සබයේ පැටළෙයි

ගෑස් සම්බන්ධව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් දයාසිරි ජයරෙස්කර මහතා ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (22 ) පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

කතාබහ මෙසේය.

දයාසිරි ජයසේකර මහතා – මුදල් ඇමැතිතුමා යටතේ තමයි ලිට්‍රෝ ගෑස් සමාගම තිබෙන්නේ. මේ ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු නමැත්තා දිගටම මන්ත්‍රීවරුන් 225 ටම ගහනවා. අපි 225 ම ගෑස් මිලදී ගන්න ගිහින් හොරා කෑවා කියලා තමයි ඔහු චෝදනා කරන්නේ. ඩොලර් 95 ට තිබුණු ගෑස් මෙටි්‍රක් ටොන් එක ඩොලර් 129 ට ගත්තාලු. මෙවැනි දෙයක් වෙලා තියෙනවාද කියා අගමැතිතුමා කිව යුතුයි. නැත්නම් ජනතාව හිතන්නේ අපි මේවා කළා කියලයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා – ලිට්‍රෝ සමාගම නිවේදනයක් ඉදිරිපත් කර තිබෙනවා. කරුණාකරලා ඒක කියවන්න. නාගානන්ද කොඩිතුවක්කු කියන්නේ කවුද කියලා අපි දන්නවා. මන්ත්‍රීතුමා වගකීමක් ඇතුව ක්‍රියා කළ යුතුයි. එහෙම කරනවා නම් ඔහොම හොරෙක් කියපු එක ගැන වගකීමෙන් ක්‍රියා කළ යුතුයි. ඒ හොරා කියපු කෙනාගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කපලා දාලයි තියෙන්නේ. ඔහු නඩු කීයක් පැරදුණාද? ඔහු ජනාධිපතිවරණයට තරග කරනවා කියලා කැනඩාවෙන් කොතරම් මුදල් එකතු කර ගත්තාද? මේ මන්ත්‍රීතුමා වගකීමක් නැතුව නිකම් මඩ ගහන්නයි මේ කතා කළේ.

දයාසිරි ජයසේකර මහතා – නාගානන්ද කොඩිතුවක්කු ලිස්ට් එකෙන් අයින් කරලා නෑ. තවමත් ඔහු ප්‍රැක්ටිස් කරනවා. දන්නැතුව කතා කරන්න එපා. මම කියන්නේ මේ සමාජයේ කතා කරන කාරණයක්. මේවාට උත්තර දෙන්නෙ නැතුව ලිට්‍රෝ සමාගම හැංගිලා ඉන්නවා. කවුරුවත් උත්තරයක් දීලා නෑ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා – නාගානන්ද කොඩිතුවක්කු උසාවියට එන්නේ තමන් වෙනුවෙන් ඕනෑම කෙනෙකුට එහෙම කරන්න පුළුවන්. මේ මන්ත්‍රීතුමා හදන්නේ අලුත් බලවේගයක් හදන්න. ඒක අරගෙන කරණම් ගහනවා. ඕවා හරියන්නේ නෑ.

පඬුවස්නුවර කියන්නේ බලාපොරොත්තු කඩා වැටුණු තැනක්. පඬුවස්දේව රජු හිතුවේ විජය රජුගෙන් පසුව රජකම අරගෙන ලංකාව එකතු කරන්න. නමුත් පණ්ඩුකාභය රජු ඒක අරගෙන නිසා මෙතුමන්ලා හිතන්නේ මේක කැඩෙන්න ඕනෑ කියලයි.

දයාසිරි ජයසේකර මහතා – ඔබතුමා ඉතිහාසය ගැන කියන්න ගිහින් ඇන ගත්තා. ඒවා දැන් කියන්නේ නෑ. පස් පුරවනවා කියලා කියපු බොරු කතා අපි දන්නවා. පඬුවස්දේව රජුරුවන්ගේ ප්‍රශ්නය වෙනයි. පඬුවස්දේව රජුගේ රාජධානියට වෙන වෙන අය දාලා කඩපු එකයි අපට තිබෙන ප්‍රශ්නය. ඒකෙන් පක්ෂයත් කැඩුණා. අන්තිමටම පක්ෂයත් ඉවර වෙලා එතුමාගේ නායකත්වයේ යටතේ පඬුවස්නුවර ආසනය 4000 ට බැස්සා. අද එක ආසනයකට බැහැලා තිබෙනවා. ඒ සීට් එකට අවුරුදු එකහමාරක් එන්නේ නැතුව ඉඳලා අද කොහොම හරි අගමැති වෙලා. තව ටිකක් මේ අගමැතිකමේ ඉන්නයි කල්පනා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17