පුටින්ගෙන් හිටපු ජනපතිට පිළිතුරු ලිපියක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ගරු යූරි මැටෙරි අතර හමුවක් සිදු වු අතර තානාපතිවරයා විසින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොමුකල එරෝෆ්ලේට් ගුවන්යානයේ අර්බුදය පිලිබඳ රුසියානු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ප්‍රතිචාර රැගෙන විත් තිබූ බවයි හිටපු ජනාධිපතිවරයාගේ මුණුපොතෙහි දක්වා තිබුණේ.

එලෙස ක්ෂණිකව පිළිතුරු එවීම සම්‍බන්ධව හා ශ්‍රී ලංකාව පිළිබඳව සංවේදීව කරුණු දැක්වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිතුමන්ට හදවතින්ම ස්තුතිවන්ත වන බවත් පුටින් විසින් ශ්‍රී ලංකා රජයෙන් සහ ජනාධිපතිවරයා වෙතින් සිදුවිය යුතු යැයි කර තිබෙන යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා ඉක්මනින් දැනුම් දෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?