වනිඳුට එක්දින තරගාවලිය අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට ඕස්ට්‍ර්ලියාව සමඟ පැවැත්වෙන ඉතිරි එක්දින තරග තුන අහිමි වී යන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඒ ඔහුගේ පාදයේ ආබාධ තත්ත්වය තවමත් සුව නොවීම හේතුවෙන්.

දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට දෙවන තරගයට ද එක්වීමේ අවස්ථාව හිමි වූයේ නැහැ.

ඒ හේතුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණා.

පළමු එක්දින තරගයේ දී වනිඳු පන්දුවාර 09ක් තුළ ලකුණු 58කට ඕස්ට්‍රේලියානු කඩුලු 04ක් බිඳ දැමුවා.

වනිඳුට එක්දින තරගාවලිය අහිමිව යෑම තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් බවයි විචාරකයින් පවසන්නේ.

මේ අතර ශ්‍රී ලංකා – ඕස්ට්‍ර්ලියා එක්දින තරග ඉතිහාසයේ පැවැත්වෙන 100 වන එක්දින තරගය හෙට (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?