මැති ඇමතිවරුන්ට අඩු මුදලට තෙල් දෙන කතාවේ ඇත්ත නැත්ත හෙළිවෙයි – ඒ අයටත් වෙළඳපොළේ පවතින මිලටමයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීමට මේ වනවිට පියවරගෙන තිබෙනවා.

ඒ, කථානායකවරයා විසින් පොලිස්පතිවරයාගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුවයි.

මෙම ඉන්ධන ලබාදීම අත්පිට මුදලට සිදුකෙරෙන ලෙසට උපදෙස් ලැබී ඇති අතර ඉන්ධන ලබා ගන්නා අවස්ථාවේ දී රථය තුළ අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිටිය යුතු වනවා.

මේ අතර මන්ත්‍රීවරුන් සඳහා අඩු මුදලකට ඉන්ධන ලබාදෙන බවට දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට සමාජ ජාල මාධ්‍යවල සැරිසරනවා.

එහි ඉන්ධන පොම්ප මීටරයේ දැක්වෙන්නේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 121.19ක මුදලක්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයෙන් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ මෙවැනි කරුණක්.

අදාල ඉන්ධන පොම්පය සවිකරන කාලය තුළ පැවති ඉන්ධන මිල මේ වනවිටත් එහි සටහන්ව පවතින බවත් මේ දක්වා එහි වෙනස් කිරීමක් සිදුකර නොමැති බවත්ය.

අදාල ඉන්ධන පිරවුම්හලෙන් මීට පෙර ගනුදෙනු මත ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොකිරීම නිසාත්, මේ දක්වා එමඟින් ඉන්ධන නිකුතරනු ලැබුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ රථ සඳහා පමණක්වන නිසාත් එම පොම්පයේ සටහන්වන මිල ගණන්වල යාවත්කාලීන කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවූ එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙළඳපොලේ පවතින මිලට ම ඉන්ධන නිකුත් කිරීම සිදුවන බවයි තොරතුරු වාර්තා වුණේ.

කරුණු කාරනා කෙසේ වුවත් නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පොම්පවල දැක්වෙන මිල ගණන් වත්මන් වෙළඳපොලේ පවතින ඉන්ධන මිල ගණන්වලට යාවත්කාලීන කිරීම සුදුසුම කාලය මේ වනවිට එළඹ ඇති බව අප සිහිපත්කර දෙන්නෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01