AFC Banner
Empty Ad
Empty Ad

ගෝඨාගෝ ගමටත් මයිනාගෝ ගමටත් පොලිසියෙන් අරියාදු

රථවාහන ධාවනයට බාධා ඇතිවන බව පවසමින් ගාලු මුවදොර වටරවුමේ සකසා තිබූ වේදිකාවක් එම ස්ථානයෙන් ගලවා ඉවත් කිරීමට පොලීසිය අද (01) අලුයම කටයුතු කර තිබුණා. එම අවස්ථාවේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර යම් වචන් හුවමාරුවක් සිඳුවූ නමුත් ඔවුන් සාමකාමි ලෙස ගැටලුව විසඳාගෙන පසුව එම වේදිකාව මාර්ගය පසෙකින් ඉදිකිරීමට පියවර ගෙන තිබුනා.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන “මයිනා ගෝ ගම” විරෝධය ද අඛන්ඩව සිදු කෙරෙමින් පවතිනවා.එම ස්ථානයේ ද ඊයේ රාත්‍රියේ තිබූ අට්ටාලයක් ඉවත් කිරීමට කටයුතු කිරීමේදී යම් උණුසුම්කාරී තත්වයක් ඇතිවී තිබුනා.

ගාලු මුවදොර විරෝධතාවයේ නිරත පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඉතා උස් හඬින් බහින්බස් වීමක් ද ඇතිවුණි.නමුත් කිසිඳු පහරදීමක් මෙම ස්ථාන දෙකෙහිම වාර්ථා වී නොතිබිනි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලු මුවදොර දී පැවැත්වෙන ජන අරගලයට අදට දින 23ක් ගෙවී ඇති අතර ඊයේ මෙන්ම අද උදෑසනත් විශාල පිරිසක් ගාලු මුවදොර විරෝධතාවට එක්ව සිටිනු දක්නට ලැබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?