ගෝඨාගෝ ගමටත් මයිනාගෝ ගමටත් පොලිසියෙන් අරියාදු

රථවාහන ධාවනයට බාධා ඇතිවන බව පවසමින් ගාලු මුවදොර වටරවුමේ සකසා තිබූ වේදිකාවක් එම ස්ථානයෙන් ගලවා ඉවත් කිරීමට පොලීසිය අද (01) අලුයම කටයුතු කර තිබුණා. එම අවස්ථාවේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර යම් වචන් හුවමාරුවක් සිඳුවූ නමුත් ඔවුන් සාමකාමි ලෙස ගැටලුව විසඳාගෙන පසුව එම වේදිකාව මාර්ගය පසෙකින් ඉදිකිරීමට පියවර ගෙන තිබුනා.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන “මයිනා ගෝ ගම” විරෝධය ද අඛන්ඩව සිදු කෙරෙමින් පවතිනවා.එම ස්ථානයේ ද ඊයේ රාත්‍රියේ තිබූ අට්ටාලයක් ඉවත් කිරීමට කටයුතු කිරීමේදී යම් උණුසුම්කාරී තත්වයක් ඇතිවී තිබුනා.

ගාලු මුවදොර විරෝධතාවයේ නිරත පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඉතා උස් හඬින් බහින්බස් වීමක් ද ඇතිවුණි.නමුත් කිසිඳු පහරදීමක් මෙම ස්ථාන දෙකෙහිම වාර්ථා වී නොතිබිනි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලු මුවදොර දී පැවැත්වෙන ජන අරගලයට අදට දින 23ක් ගෙවී ඇති අතර ඊයේ මෙන්ම අද උදෑසනත් විශාල පිරිසක් ගාලු මුවදොර විරෝධතාවට එක්ව සිටිනු දක්නට ලැබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39