AFC Banner
Empty Ad
Empty Ad

බන්ධනාගාර රැදවියෙකු සමඟ සබදතා පවත්වමින් මත්කුඩු ජාවාරමේ නිරත වූ කාන්තාවක් අත්අඩංගුවට

බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු සමඟ සබදතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් හෝකන්දර – බෝගහවත්ත පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි බුද්ධි කොට්ඨාශය වෙත ඊයේ (31) ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී කාන්තාව සන්තකයේ තිබූ බෑගයක තිබී හෙරොයින් ග්‍රෑම් 106ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් හයලක්ෂ 3000ක මුදලක් ද සොයා ගැනුණා. 48 හැවිරිදි මෙම කාන්තාව මත්කුඩු ජාවාරම සඳහා අදාළ නිවස භාවිත කර ඇති අතර, ඇයට දෙමටගොඩ – මිහිදුසෙන්පුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක් ද පවතින බවටයි හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?