AFC Banner
Empty Ad
Empty Ad

විමලවීර මට්ටු කරන්න ගිය වනජීවී නිලධාරියාට තට්ටු වෙයි

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධව සහ ගෘහස්ථ ගවයින් රක්ෂිතය තුළට ඇතුළු කිරීමට ඉඩ ලබානොදෙන ලෙසට ප්‍රකාශ කරමින් පෙනී සිටි වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි ඩබ්ලිව්.එම්.එල්.කේ. වාසල මහතා මින්නේරිය ජාතික උද්‍යානය වෙත ස්ථාන මාරුවීමක් ලබාදී ඇත.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගිය දා පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතය ආසන්නයට පැමිණ ජල ගැලුම් නිම්න රක්ෂිතයට පුද්ගලයින්ට ඇතුළු වීමට ඉඩ ලබාදෙන ලෙසට ප්‍රකාශ කිරීමත් සමඟ වනජීවි නිලධාරීන් සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර උණුසුම් තත්ත්වයක් හට ගැණින.

අනතුරුව ඊට එරෙහිව වනජීවී නිලධාරීන් සංකේත වර්ජනයක ද නිරතවූ අතර, පසුව සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුව විමර්ශනයක්ද සිදු කිරීමෙන් අනතුරුව මෙලෙස ස්ථාන මාරුවීම ලබා දී ඇති බව පැවසේ.

මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් විමසීමේදී ප්‍රකාශ කොට ඇත්තේ අදාළ වනජීවි නිලධාරියාගේ නිවස ආසන්නයට ස්ථාන මාරුවීම ලැබී ඇති බැවින් ඔහුට එය පහසුවක් වී ඇති බවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?