චීනය ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තියේම ඇළෙයි

විවිධ විවේචන එල්ල වුවත් තවදුරටත් ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය හෙවත් Zero Covid ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කරන බව චීනය අවධාරණය කරයි.

චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සාඕ ලිජීයෑන් සදහන් කරන්නේ තම රට දැඩි සීමාකිරීම් සහිත කෝවිඩ් ශුන්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ තම ජනතාවගේ සහ චීනය තුළ වෙසෙන විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවයි.

එම ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට සම්පූර්ණයෙන්ම අනුකූල බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

කෙසේවෙතත්, ඇතැම් විශේෂඥයන් දැඩි සීමා කිරීම් සහිත චීනයේ මෙම කෝවිඩ් ශුන්‍ය ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරන අතර චීන ජනතාවගෙන් ද ඒ සදහා දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතී.

ෂැංහයි ඇතුළු නගර ගණනාවක ජනතාව පසුගිය දිනවල ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තියට අදාළ දැඩි සීමාකිරීම්වලට එරෙහිව විවිධාකාරයෙන් විරෝධතා දැක්වූ අතර ඒ සම්බන්ධ වීඩියෝ චීනයේ සමාජ මාධ්‍යවලද සැරිසරනු නිරීක්ෂණය කළ හැකි විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13