ලංකාව කියන්නේ මෙහෙම වැටෙන්න ඕන රටක් නෙවෙයි

අපි කලාකරුවන් විදිහට පාරට බැස්සේ අපි ගැනම හිතලා නෙමෙයි. අපි මෙහෙම පාරට බැස්සේ අපේ රට ගැන හිතලයි. අපේ දරුවන්ගේ, අපේ දරු පරපුරේ අනාගතය වෙනුවෙන්. මේ කාලයේ එළියට බැහැලා යද්දි හිතට දැනෙන්නේ පුදුම දුකක්. ගිනි අව්වේ, කට්ට කරුවලේ, ඩීසල් කෑන්, භූමිතෙල් කෑන් උස්සගෙන පාරේ මිනිස්සු හිටගෙන ඉඳිද්දි ඇත්තටම දුකයි. මේ රටේ මිනිස්සු එහෙම දුක් විඳින්න ඕන මිනිස්සු නෙමෙයි. නමුත් ඒ තත්ත්වයට මේ රට පත් කළා. අද මේ රට ගැන අපිට තියෙන්නේ පුදුම දුකක්. අපිට මිනිසුන්ගේ දුක දැනෙනවා.

රටක් විදිහට මේ රටේ මිනිස්සු හැමෝම එකතු වුණේ නැත්නම් අපේ රට විනාශ වෙලා යාවි. එක පිරිසක් නිසා අද මුළු රටක් දුක් විඳිනවා. අද දරුවන්ට දෙන්න කිරිපිටි නැහැ. ගෑස් නැහැ. විදුලිය නැහැ. භූමිතෙල් නැහැ. කුලී වැඩ කරන මිනිස්සුන්ට තමන්ගේ රස්සාව කරන්න යන්න විදිහක් නැහැ. මිනිස්සු පාරේ ඇදගෙන වැටෙනවා. කාටත් අත නොපා ජීවත් වුණු මේ රටේ මිනිස්සු එක්තරා හොරු පිරිසක් නිසා පුදුම අසරණ තත්ත්වයට පත් වුණා. මම මීට කලින් කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කතා කරලා නැහැ. ඒ දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ ගිහිල්ලත් නැහැ. යන්නෙත් නැහැ. වැරදි දැක්කහම අපි ඒ වෙනුවෙන් කතා කළා. මගේ ජීවිතේ කොතනකවත් ඡන්දය ඉල්ලන්න අදහසක්වත් නැහැ. අපි අමාරුවෙන් දුක් මහන්සිවෙලා හම්බකර ගත්තු දේවල් හැරෙන්න පිනට ඉඩකඩම්, අඩුම තරමේ ඔය දේශපාලකයන්ගෙන් ගත්තු ගඩොල් කැටයක්වත් නැහැ. ඒ නිසා අපි බය නැතිව කතා කරනවා. ශ්‍රී ලංකාව කියන්නේ මෙහෙම වැටෙන්න ඕන රටක් නෙමෙයි. හැම පැත්තෙන්ම සෞභාග්‍යයෙන් පිරුණු රටක්. ඒ රට මේ එක පිරිසක් නිසා විනාශවෙලා ගියා. හිතට දැනෙන දැඩි දුක, වේදනාව, කැක්කුම නිසාම තමයි අපි පාරට බැස්සේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21