අගමැති ගෙදර යන දවස අද?

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අද (9) ඔහුට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ ඡන්දයට මුහුණ දීමට නියමිතයි.

පකිස්ථාන විපක්ෂය විසින් ඉම්රාන් ඛාන් නායකත්වය දරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහයද ඇතිව ගෙන ආ මෙම විශ්වාසභංගය නීති විරෝධී යැයි පවසමින් පාකිස්තාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කලා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඒ සමගම ඉම්රාන් ඛාන් මහතා ආණ්ඩුව විසුරුවා මහ මැතිවරණයක් කැදෙව්වා.

එය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් විශ්වාසභංගය ගෙන ආ පාකිස්තාන විපක්ෂය එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය අතර ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුවක් ලබා දුන්නා.

ඉන් කියවුණේ නියෝජ්‍ය කතානායකවරයා දුන් තීන්දුව වැරදි බැවින් යළි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ගන්නා ලෙසටයි.

විශ්වාසභංග තීන්දුව ඒ නිසාම අගමැති ඉම්රාන් ඛාන් විසින් පාර්ලිමේන්තුව විසුරුවීමද නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව අද (9) ඉම්රාන් ඛාන් මහතාට එරෙහි පාකිස්තාන පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමට නියමිතයි.

නියෝජිත ආසන 342 කින් සමන්විත පාකිස්තාන පාර්ලිමේන්තුවේ එම විස්වාසභංගය ජය ගැනීම සඳහා විපක්ෂයට මන්ත්‍රීවරු 172 කගේ සහාය අවශ්‍ය වනවා.

මේ වන විටත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිව තිබෙන බැවින් එම විශ්වාසභංගයෙන් ඔහු පරාජය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13