විශ්වාසභංගයට තවත් පක්ෂයක සහය

විශ්වාසභංගයට ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීම මේ වනවිට සිදුවෙමින් පවතී.

ඒ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවී තිබෙන බවත් මේ වනවිට එය විශාල දේශපාලන අර්බුදයක් දක්වා ගමන් කරමින් ඇති බවත් ඊට කඩිනමින් විසඳුම් අවශ්‍ය බවත් යෝජනා කරමින් මන්ත්‍රීවරුන් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනඒමට පියවර ගෙන තිබේ.

ඒ අනුව කරුණු කඩිනමින් වෙනස්විය යුතු කරුණු කිහිපයක් ගැන සඳහන් කරමින් අදාළ යෝජනාව ජනාධිපතිවරයා වෙත ද යොමුකර ඇත.

එහි ඇතුළත් කරුණු කිහිපයක් වන්නේ,

ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම.

සීමිත අමාත්‍යාංශ ගණනක් සහ ඒවායේ විෂය පථය ජාතික විධායක සභාව විසින් තීරණය කිරීම.

ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම.

ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් සීමිත ඇමති මණ්ඩලයක් පත් කිරීම.

ඇමතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර කටයුුතු කිරීම.

සුදුසු සංශෝධන සහිතව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි සක්‍රිය කිරීම.

ආණ්ඩු වෙනස්වීම් සමග වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් මාස 6ක කාලයක් තුළ සකස් කිරීම.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04