ඇමෙරිකන් ඩොලර් 90,000ක් වටිනා අත්බෑගයක් රැගෙන බිරිඳෑවරියකගේ යෙහෙළියක් රට පනියි

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන් පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෆාරා ඛාන්, පාකිස්තාන රුපියල් බිලියන 6 (ඩොලර් මිලියන 32) මුදල් වංචාවකට සම්බන්ධය යැයි චෝදනා ලැබ සිටින අතර, මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙන බව සඳහන් .

රටේ පවතින දේශපාලන කැළඹිලි මධ්‍යයේ දූෂණ චෝදනාවලට ලක්වීමෙන් පසුව ෆාරා ඛාන්, ඩුබායි බලා ගොස් ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 90,000 ක් වටිනා අත්බෑගයක් ද රැගෙන පෞද්ගලික ජෙට් යානයකින් බවයි සඳහන් වන්නේ

නිලධාරීන් මාරුකර යැවීමට සහ ඔවුන්ගේ තේරීම් අනුව තනතුරුවලට පත්කිරීම සඳහා අතිවිශාල මුදලක් ෆාරා ඛාන්ට ලැබුණු බවට පාකිස්ථානයේ විරෝධය එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බලයෙන් පහකළ අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය වන Maryam Nawaz කියා තිබෙන්නේ ඛාන් මෙම දූෂණය කර ඇත්තේ ඉම්රාන්ගේ සහ ඔහුගේ බිරිඳගේ අවශ්‍යතාවය මත බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01